Monday, November 21, 2016

HTML Lesson Part-8 ලැයිස්තු නිර්මාණය

සංකීර්ණ මෙන්ම සරල වෙබ් පිටු නිර්මාණයේදී ද අවශ්‍ය වන ලැයිස්තු නිර්මාණය කරන ආකාරය විමසා බලමු.


<OL> </OL>කේතය මගින් ලැයිස්තු නිර්මාණය

<OL> </OL> මගින් Ordered List කේතය මගින් ලැයිස්තුව නිර්මාණය කරනු ලබන අතර ලැයිස්තුවේ එක් එක් අයිතමයන් දැක්වීමට <L1> උපදේශ කේතය භාවිතා කරයි.

මෙවන් ලැයිස්තු සකස් කිරීමේදී උපදේශ කේතය සමග TYPE අනු උපදේශ කේතය භාවිතා වේ. මෙමගින් ලැයිස්තු සදහා භාවිතා කරනු ලබන අංකය හො අක්ෂර වෙනස් කළ හැකිය.අනු උපදේශ කේතයේ ඔප්ෂන් වන්නේ ,

A - කැපිටල් අකුරෙන් අයිතම අංකනය කේරේ
a - සිම්පල් අකුරෙන් අයිතම අංකනය කේරේ
I - රෝම ඉලක්කම් මගින් අයිතම අංකනය කෙරේ ( I , II ,III ආදි වශයෙන්)
i - රෝම ඉලක්කම් මගින් අයිතම අංකනය කෙරේ ( i , ii ,iii ආදි වශයෙන්)
1 - ඉන්දු අරාබි ඉලක්කම් මගින් අයිතම අංකනය කෙරේ

ලැයිස්තුව අංකනය කිරීම ආරම්භ කළ යුතු අනුලක්ෂණය හදුන්වාදීමට START අනු උපදේශ කේතය භාවිතා කරයි.

උදාහරණයක් ලෙස අපි <OL TYPE = a START = 5>ලෙස කේතය ලබාදුනහොත් ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු වලින් අයිතම අංකනය කිරීමට පටන්ගන්නා අතර පළමු අයිතමය e අකුරෙන් අංකනය කර එතැන් සිට f, g, h...ආදී වශයෙන් පවත්වාගනී.

<UL> </UL>කේතය මගින් ලැයිස්තු නිර්මාණය

<UL> </UL> මගින් Unordered List කේතය මගින් ලැයිස්තුව නිර්මාණය කරනු ලබන අතර ලැයිස්තුවේ එක් එක් අයිතමයන් දැක්වීමට <L1> උපදේශ කේතයම භාවිතා කරයි.

මෙවන් ලැයිස්තු සකස් කිරීමේදී ද උපදේශ කේතය සමග TYPE අනු උපදේශ කේතය භාවිතා වේ. මෙමගින් ලැයිස්තු සදහා භාවිතා කරනු ලබන අංකය හො අක්ෂර වෙනස් කළ හැකිය.අනු උපදේශ කේතයේ ඔප්ෂන් වන්නේ ,

DISK - එක් එක් අයිතමය තිතකින් දක්වයි
CIRCLE - එක් එක් අයිතමය කුඩා රවුමකින් දක්වයි
SQUARE - එක් එක් අයිතමය කොටු සලකුණකින් දක්වයි

<DL> </DL>කේතය මගින් ලැයිස්තු නිර්මාණය

<DL> </DL> මගින් Definition List කේතය මගින් ලැයිස්තුව නිර්මාණය කරනු ලබන අතර ලැයිස්තුවේ විග්‍රහ කෙරෙන එක් එක් මාතෘකාව දැක්වීමට <DT> කේතය ද ඒ ය‍ටතේ විස්තර කෙරෙන කරුණු දැක්වීමට <DD> කේතය ද භාවිතා වේ.

ලැයිස්තු නිර්මාණය සඳහා උදාහරණ පිටුව බාගන්න

No comments:

Post a Comment