Tuesday, November 15, 2016

HTML Lesson Part-1 අන්තර්ජාලය සහ HTML


එච් ටී එම් එල් ගැන ලිපි පෙලක් දාන්න හිතුනා. මුලින්ම කියන්න ඔනේ මේ පළවෙන පෝස්ට් එකේ තියන විස්තර ටික මම විකිපීඩියා එකටත් දාලා තියනවා කියලා. මම ඒකෙන් කොපිකරගත්තා නෙවෙයි. ඊලඟ ලිපියෙන් මම පළවෙනි පාඩම පටන්ගන්නවා. මේ තියන්නේ මූලික විස්තරයක් වැඩ පටාන් ගන්න කලින් දැනගන්න.

ටිම් බර්න්ස් ලී විසින් 1989 ලොවට හදුන්වාදුන් විශ්ව විසිරි වියමන (WWW - World Wide Web) වර්තමානය වන විට බහුමාධ්‍ය තොරතුරු බෙදාහරින ජාලයක් බවට පත්වී ඇත. ටිම් බර්නර්ස් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා විසින් ස්වාධීනව පර්යේෂණ සිදු කිරීමෙන් අනතුරුව ඒවනවිට URL ක්‍රමය සහ HTTP ප්‍රොටෝකෝලය ද නිර්මාණය කර සිටි ටිම් බර්නර්ස් ලී විසින් HTML භාෂාව ද හඳුන්වාදුනේ ය.
Image: Sir Tim Berners Lee
HTML කේත හෙවත් Tags නිර්මාණය කරනු ලබන්නේ ටිම් බර්නර්ස ලී ප්‍රධානත්වය දරන වර්ල්ඩ් වයිඩ් වෙබ් කොන්සෝටියම් (World wide web consortium) හොවත් W3C ආයතනය විසිනි. HTMLභාෂාවේ නවතම කේත සමූහය හෙවත් ප්‍රමිතය HTML 5.0 වේ.
වෙබ් පිටු සකස්කිරීමේදී අන්තර්ජාලය තුල ලිපිගොණු සකස් කරන ආකාරය පිලිබද කලින් සකස් කරන ලද නීති මාලාවකට අනුව සකස්කර "Hyper Text Markup Language - HTML" මගින් ඉදිරිපත් කර ඇත.
WWW Server නමින් හදුන්වන යන්ත්‍රයක් තුල වෙබ් අඩවි හා වෙබ් පිටු තැන්පත්කරන අතර, ප්‍රධාන වෙබ් පිටුවකින් හා ඒ හා සම්බ්න්ධ තවත් පිටු වලින් සමන්විත වේ.
වෙබ් පිටු අතර සබදතා ඇතිකිරීමේදී එය කීප ආකාරයකට සිදුකරනු ලබයි,
  • එම වෙබ් පිටුවේම වෙනත් කොටසකට සම්බන්ධතාවය ඇති කිරී
  • වෙබ් අඩවිය තුල ඇති වෙනත් පටුවකට සම්බන්ද කිරීම
  • වෙනත් වෙබ් අඩවියකට සම්බන්ධ කිරීම
  • වෙනත් වෙබ් අඩවියක පිටුවකට සම්බන්ධතාව ඇති කිරීම
වෙබ් බ්‍රව්‍රසරය මගින් මෙම උපදේශ කේත නිසි පරිදි ගලපා වෙබ් පිටුව පරිගණක තිරය මතට ලබා දෙයි.

වෙබ් බ්‍රවුසරයක් ක්‍රියාත්මක වන්නේ මෙසේය,

  1. තොරතුරු ගබඩා වී ඇති පරිගණකය(Server Computer) වෙත ඉල්ලීමක් කෙරෙන අතර තොරතුරු ලබාගත හැකිදැයි සොයාබලයි.
  2. තොරතුරු ලබාගැනීමට හැකිනම් HTML ගොනුව HTTP තාන්ෂණය මගින් තොරතුරු ලබාගන්නා පරිගණකය වෙත ලබා දේ.
  3. ලබාදුන් තොරතුරු, HTML උපදේශ කේත අනුව(Tags අනුව) සකස් කර තිරය මත දර්ශනය කරයි.
  4. ඕනෑම වර්ගයක රූප හො බහුමාධ්‍ය මූල අවශ්‍ය වූ විට පරිගණකයන්හි ක්‍රියාත්මක කරයවයි.

HTML උපකාරක යෙදුම් (Plug-in)

HTML භාෂාව තුල දී එම භාෂාවේ සම්මත උපදේශ කේත වලට අමතරව විවිධ සමාගම් මගින් වැඩිදියුණු කරනලද වෙනත් උපකාරක යෙදුම්(Plug-in) ද ඇතුලත් කරයි.
මේවා මගින් අන්තරජාලයේ තොරතුරු ලබාගැනීමට වැඩි වටිනාකමක් ලබා දෙයි. මෙම උපකාරක යෙදුම් භාවිතා කරන වෙබ් බ්‍රවුසර ප්‍රබලත්වයෙන් වැඩි ය. එම වෙබ් බ්‍රවුසරයන් මගින් ඒවාට ධාවනය කළ නොහැකි ගොනු ආදිය, එම හැකියා ඇති උපකාරක යෙදුම් භාවිතා කරමින් ධාවනය කරයි. මෙම උපකාරක යෙදුම් නොමිලේ ම ලබාගැනීමට ද හැකිය.

වෙබ් බ්‍රවුසර(Web Browsers)

අවම පහසුකම් වලින් යුතු වෙබ් බ්‍රවුසරයක වුව ද පහත පහසුකම් වලින් යුතු විය යුතුය.
  • HTML මගින් නිර්මාණය කළ හෝ Plain text සහිත වෙබ් පිටු තිරය මත පතිත කිරිම.
  • JPEG, BMP, GIF ගොනු ලෙස පවතින චිත්‍ර ද, GIF, SWF ආකාරයයෙන් පවතින චලනමය චිත්‍ර ද HTML පිටු මත දැක්වීම.
  • බහුමාධ්‍ය මූලයන් හා බහුමාධ්‍ය සම්බන්ධතාවයන්(Hyper Media) සහිත වෙබ් පිටු තිරය මත පෙන්වීම හො ක්‍රියාත්මක කිරීම.
  • FTP, Gopher, Usenet නියමයන් සහිත වෙබ් පිටු තුලට ඇතුල් වීම.
  • වෙබ් පිටුවල ඇති පෝරම සැපයීම හා එම පෝරම වලට ඇතුලත් කරන තොරතුරු ලබා ගැනීමට හැකි වීම.
  • පරිශීලකයා බලාපොරොත්තු වන සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාව
මීට අමතරව සජීවීව රෑපවාහිනී නැරඹීම, සජීවී කතා කිරීම(Live Chat), අන්තර්ජාල දුරකථන(Internet Phone) ආදිය සදහා සහාය දැක්වීම ද වෙබ් බ්‍රවුසර මගින් සිදු කරයි.
වර්තමානයේ භාවිතාවන ජනප්‍රිය වෙබ් බ්‍රවුසර ලෙස,
  1. Firefox
  2. Google Crome
දැක්විය හැක.

No comments:

Post a Comment